Sat. Oct 1st, 2022

පිටකොටුව හෙට්ටි වීදිය ආශ‍්‍රිතව ඇතැම් රන් වෙළෙඳුන් අලෙවිය තාවකාලිකව නවතා දමා ඇතැයි වාර්තා වෙයි.

රන් ආභරණ නිෂ්පාදනය සඳහා රන් හිඟ වීම හේතුවෙන් රත‍්‍රං බාර්, බිස්කට් හා කාසි ලෙස ලෙස රත‍්‍රං අලෙවිය මෙසේ තාවකාලිකව නතර වී තිබේ.

මේ වනවිට මෙරට රන් වෙළෙදපොළ තුළ කැරට් 24 රන් පවුමක මිල රු.2,08 ,000ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එම මුදලට සාපේක්‍ෂව කැරට් 22 රන් පවුමක වෙළෙදපොළ වටිනාකම රුපියල් 1,98,000.00ක් දක්වා ඉහළ ගොස් ඇති බව මෙරට රන් වෙළෙදපොළ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.