Mon. Oct 3rd, 2022

නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට ඊට අදාළ උපදෙස් ලබා දුන් බවයි.

අනාගත පරපුරට දැක ගැනීම සඳහා නැදුම්ගමුවේ හස්ති රාජයාගේ සිරුර සංරක්ෂණය කරන ලෙස ද ලෙසද ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබේ.