Sun. Oct 2nd, 2022

නව  අමාත්‍යවරු සිවුදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී අද (04)  දහවල් දිවුරුම් දී තිබේ.

සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ද, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහා මාර්ග ඇමැතිවරයා වශයෙන් ද දිවුරුම් දී ඇත.

මුදල්  ඇමැතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා දිවුරුම් දී ඇති අතර, මහාචාර්ය ජී. එල් පීරිස් මහතා විදේශ ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දී තිබේ.

කැබිනට්  මණ්ඩලය ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම අමාත්‍යධුර  පුරප්පාඩු වී තිබූ අතර, පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (05)දිනයේ සාමාන්‍ය පරිදි කර ගෙන යාමට අවශ්‍ය බැවින්, මෙම අමාත්‍ය ධුර කිහිපය  පත් කරනු ලැබූ බව වාර්තා වෙයි.