Sun. Jan 22nd, 2023

අක්මිමන නියාගම ජනපදයේ පදිංචි තිදරු මවකගේ ගෙල මන්නා පිහියකින් කපා  ඝාතනය කොට ඇති බැව්   අක්මිමන පොලිසිය පවසයි.

මෙම කාන්තාව වසර ගණනාවක් සිට ඇසුර කළ පුද්ගලයකු මෙම ඝාතනය සිදුකොට ඇති බවට  අනාවරණය වි ඇති බැව් පොලිසිය සඳහන් කරයි. ඝාතනය කොට ඇත්තේ  අක්මිමන  නියාගම ජනපදයේ පදිංචි  58 හැවිරිදි වැන්දඹු කාන්තාවකි.

ඇයගේ සැමියා  මිය යාමෙන් පසු වසර 15ක පමණ කාලයක සිට  මෙම කාන්තාව සමග සැකකරු සම්බන්දතාවයක් පවත්වාගෙන ගොස් ඇති  බව තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සැකකරුගේ පාවහන් යුගළය හා විදුලි පන්දම ද එම ස්ථානයේ තිබි පොලිසිය මගින් සොයාගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා පොලිසිය  විසින් පරික්ෂණ ආරම්භකොට ඇත ි බව වාර්තා වෙයි.

මියගිය කාන්තාවගේ මුලික මහේස්ත්‍රාත් පරික්ෂණය අද (04) පැවැත්විමට නියමිතව ඇති අතර අක්මිමන පොලිසිය මෙකි ඝාතනය සම්බන්දව වැඩිදුරපරික්ෂණ පවත්වයි.