Sun. Oct 2nd, 2022

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ සධාතුක කරඬුව වැඩම වූ නැදුන්ගමුවේ රාජා හස්තියා අද උදෑසන මියයාම සැලවීමත් සමග අති විශාල ජනතාවක් මෙම හස්තියාට ගෞරව පුද කිරීම පිණිස හස්තිරාජයාගේ හිමිකරු වූ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතාගේ ගම්පහ නැදුම්ගමුව නිවස කරා පැමිණෙමින් සිටිනවා.

රාජා හස්තියා කිසිදු අසනීප තත්ත්වයකින් නොසිටි බවත් ඊයේ දවස පුරා කිසිදු කෑමක් නොගෙන සිටීම මත සුපරික්ෂාවෙන් සිටියදී අද උදෑසන එක්වරම ඇද වැටීමෙන් මරණයට පත්වූ බව වෛද්‍යාචාර්ය හර්ෂ ධර්ම විජය මහතා සඳහන් කරයි.

ආසියාවේ විශාලතම හිලෑ ඇතු සැලකෙන රාජා හස්තියා 1953 වසරේදී ඉන්දියාවේ උපත ලබා ඇති අතර එරට ධන කුවේරයකුට ප්‍රතිකාර ලබාදීම පිණිස එරටට ගිය පිළියන්දල නීලමහර වෙද හාමුදුරුවන්ට ත්‍යාගයක් ලෙස ලැබී ඇති මෙම හස්තියා පසුකලෙක හර්ෂ ධර්ම විජය මහතාගේ පියාණන් විසින් ලබා ගැනීමෙන් අනතුරුව මිය යන තෙක්ම නැදුන්ගමුව වෛද්‍ය ආචාර්යවරයා රැක බලා ගැනීම සිදුවිය.

වසර 2 25 කට ආසන්න කාලයක් මෙම හස්තියා රැකබලා ගත් විල්සන් කොඩිතුවක්කු මහතා ද රාජා මිය යාමෙන් දැඩි ශෝකයට පත්ව සිටි.