Mon. Jan 23rd, 2023

ජනපති සහ අගමැති ධුරවලට පමණක් රාජපක්ෂවරු සීමා කිරීමට තීරණය කර ඇති බව ආරංචිමාර්ග වාර්තා කරයි.

වත්මන් ජන අරගල හමුවේ රාජපක්ෂවරුන් කිහිප දෙනෙකුම දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති අතර නැවතත් ඔවුන් හට තනතුරු ප්‍රධානය නොකර සිටීමට ඒ හරහා කටයුතු කරන බව වාර්තා වෙයි.

අද පත් කළ කැබිනට් අමාත්‍යවරු අතරද කිසිදු රාජපක්ෂවරයෙකු නොසිටීම සුවිශේෂි කරුණකි.