Thu. Feb 2nd, 2023

රට පත්ව තිබෙන මේ දැවැන්ත අර්බූදයෙන් ගොඩගැනීම අගමැතිකම ලබාගෙන කළ නොහැකි බවත්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව විධායක ජනාධිපතිවරයාගේ බලතල අවශ්‍ය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසයි.

කඩා වැටී තිබෙන රට ගොඩනැගීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පියවර ගත යුතු බවත් ඒ සඳහා මූලිකවම කළ යුත්තේ ජාතික එකඟතාවයක් ඇතිකරගැනීම බවත් ඔහු  පෙන්වා දෙයි.

වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ රටේ උද්ගතව තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳව අද (05) කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

රට ගොඩගන්න පුලුවන් නායකයෙක් පාර්ලිමේන්තුවේ සිටින බවත් ඒ රනිල් වික්‍රමසිංහ මහතා බවත් කී එජාප සභාපතිවරයා  ජනතාව පත්ව ඇති අසීරු තත්ත්වයෙන් ගොඩගැනීමට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයත්, පාර්ලිමේන්තුව මෙන්ම විරුද්ධ පක්ෂයත් අසමත් වී තිබෙන බවද සඳහන් කළේය.