Thu. Feb 2nd, 2023

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත්ම ඉල්ලා අස් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (06) සඳහන් කළේය.

රජය මේ ප්‍රශ්නයට මුහුණ දෙන බවවත් හෙතෙම සඳහන් කරයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු  මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

අද රටේ ප්‍රචණ්ඩත්වය පිටුපස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත් ප්‍රචණ්ඩත්වයෙන් ඉවත්වන්නැයි තමා මේ රටේ ජනතාවගේ නාමයෙන් ඉල්ලා සිටින බවත්  ඔහු පවසයි.

මේ මැර දේශපාලනයට ඉඩ නොදිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.