ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ සිටිමින් ඉදිරිපත් කරන කිසිම යෝජනාවකින් රටේ මතුව ඇති අර්බුදය විසඳිය නොහැකි බව ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
එමනිසා තම පක්ෂය ඉදිරිපත්කරන සෑම යෝජනාවකම ඉල්ලීම වන්නේ ජනාධිපතිවරයා ඉවත්විය යුතු බව යැයිද පැවසීය.
එම ඉල්ලීමට අනුව කටයුතු කරන්නේනම් සෙසු පක්ෂවල යෝජනා ගැනද අවධානය යොමු කළ හැකියැයිද හෙතෙම සඳහන් කරයි.