අලුත් අවුරුදු දිනයේදී විදුලිය කැපීම සිදු නොකිරීමට කටයුතු කළ හැකි යැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
මේ වන විට ඉන්දීය ණය සහන යටතේ ඇණවුම් කළ ඉන්ධන ලැබෙමින් පවතින බවත් දැවි තෙල් නැවක්ද පැමිණෙමින් තිබීමත් නිසා අලුත් අවුරුදු දිනයේදී අඛණ්ඩව විදුලිය සැපයිය හැකි යැයි විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කරයි.