Sun. Oct 2nd, 2022

ආණ්ඩු විරෝධීන් විසින් සංවිධාන කරන ලද විරෝධතාව මේ වනවිට ගෝල්ෆේස් පිටිය ආසන්නයේ පැවැත්වෙමින් තිබේ.එහි සංවිධායකයන් විසින් මෙම විරෝධතාව නම් කර තිබුණේ “මිලියනයක් කොළඹට” යනුවෙනි .ඔවුන් දින ගණනාවක පටන් ඊට අදාල පූර්ව ප්‍රචාරයන් සිදු කරන ලද්දේ ද මෙම තේමාව යටතේයි.

අද දින පැවැත්වෙමින් තිබෙන විරෝධතා ව්‍යාපාරයේ ජනතා සහභාගිත්වය 2017 වසරේදී ගෝල්ෆේස් පිටියේ දී පවත්වන ලද පොහොට්ටුවේ මැයි රැළියේ ජනතා සහභාගිත්වය සමග සංසන්දනය කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා පැතිරෙමින් තිබේ.