ශ්‍රී ලංකාව පත් වී තිබෙන මූල්‍ය අර්බුදයට විසදුම් සොයා මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ඇතුළු කණ්ඩායම ඇමෙරිකාවේ වොෂින්ටන්බලා අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු තවත් සිව් දෙනෙක් මෙම පිරිසට ඇතුළත් වී සිටී.
කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටාර් රාජ්‍යයේ දෝහා වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි. ඉන්පසුව එතැන් සිට තවත් ගුවන් යානයකින් මෙම පිරිස ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට නියමිතය.