ආණ්ඩුවට එරෙහිව යෝධ පා ගමනක් ලබන 24දා මහනුවරින් ආරම්භ කිරීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත.
පාගමන මැයි 1 වෙනිදා කොළඹට ළඟාවීමට නියමිතය.
මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබඳ යෝජනාව පක්ෂයට ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජේ. සී අලවතුවල මහතා විසිනි.
රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ(16) රාත්රි පැවැත්විණ.
ජන අරගලයේ යෙදී සිටින පිරිස වලට ශක්තිය ලබාදීම පා ගමනේ අරමුණ බව එම පක්ෂය පවසයි.