රුසියාව සමඟ අර්බුදය ආරම්භ වූ දින සිට යුක්රේන සොල්දාදුවන් 3,000ක් පමණ මියා ගසේ තවත් 10,000ක් තුවාල ලබා ඇති බව යුක්රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ රුසියානු හමුදාවන්ට සිදුව ඇති හානි ඉන් දෙගුණයකටත් වඩා වැඩි බවයි. සීඑන්එන් මාධ්‍ය ජාලය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී යුක්රේන ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
ඔහුට ලැබී ඇති දත්තවලට අනුව අනාවරණය වී ඇත්තේ යුක්රේන සොල්දාදුවන් 2,500ත් 3,000ත් අතර සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවය.
තුවාල ලැබූ සොල්දාදුවන් සංඛ්‍යාව 10,000කට අධික බවද ඔහු එහිදී අනාවරණය කර තිබේ. රුසියානු හමුදාවන්ට අත්වූ හානිය මින් දෙගුණයකට වඩා වැඩි බව පෙන්වා දෙන ජනාධිපති සෙලෙන්ස්කි, මීට මාසයකට පෙර මාධ්‍යයට හෙළි කර තිබුනේ 1,300කට ආසන්න යුක්රේන සොල්දාදුවන් පිරිසක් මිය ගොස් ඇති බවට තමා විශ්වාස කරන බවයි.