Mon. Oct 3rd, 2022

ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේ දී අපනයන ආදායම වැඩි කරගත් අපනයනකරුවන් සඳහා වැඩිවන ඩොලරයකට රුපියල් 30ක් බැගින් අමතර මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ සඳහා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට ඊයේ (07) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමි වී ඇත.

අපනයන සංවර්ධන අරමුදල මගින් මෙම අමතර මුදල ගෙවනු ලබන අතර, එය මහා භාණ්ඩාගාරය මගින් ප්‍රතිපූරණය කිරීමට යෝජිතය.

අපනයනකරුවන් දිරි ගැන්වීම සහ අපනයන ආදායම ඉහළ නංවා ගැනීමේ අරමුණෙන් රජය මෙම පියවර ගෙන තිබේ.