Mon. Oct 3rd, 2022

ගාලු මුවදොර තරුණ උද්ඝෝෂණය පිළිබඳව හිටපු ජනපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය රූපවාහිනි වැඩසටහන් හා එක් වෙමින්  සිය අදහස් දක්වා තිබුණා.

එහිදී ඇය සඳහන් කර තිබුණේ ගාලු මුවදොර තරුණ උද්ඝෝෂණය පිළිබඳව තමන් සතුටු වන බවත් එම උද්ඝෝෂණය තරුණ පිරිස ඉතා ලස්සනට කරන බවත්ය. එමෙන්ම  තමාට එය දකිද්දී සිහිවන්නේ ප්‍රංශ විප්ලවය බව සඳහන් කරයි.

එමෙන්ම  එහිදී තරුණ අරගලය මැද සිය පුත්‍රයා වූ විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට ගෙන එනවාදැයි ප්‍රශ්න කෙරුණු අතර ඇය සඳහන් කළේ විමුක්ති ගේන වේලාවක් නැති බවයි.

මේ අවස්ථාවේ විමුක්ති විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට ගෙන එන ලෙස බොහෝ දෙනෙක් තමන්ගෙන් ඉල්ලා සිටින බවද ඇය එහිදී හෙළිදරව් කළේය.

එහෙත් විමුක්ති කුමාරතුංග මහතා තුළ දේශපාලනයට පිවිසීමට කිසිදු කැමැත්තක් නොමැති ඇය සඳහන් කරයි.