Tue. Oct 4th, 2022

ශ්‍රී ලංකාවට ‘හදිසි මූල්‍ය ආධාර’ සපයන ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතරාමන් මහත්මිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි බව ඉන්දීය මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා උදව් වීමට ශ්‍රී ලංකාවට හදිසි මුල්‍ය ආධාර කඩිනමින් ලබා දෙන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි බව එම නිවේදනයේ සඳහන් වෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් අතර (19) පැවැත්වූ හමුවේදී  මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් මෙම ඉල්ලීම සිදු කර ඇත.

ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා හමුවීමෙන් අනතුරුව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් මහත්මිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා සමග මෙම හමුව පවත්වා තිබේ.

එහිදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් මහත්මිය  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දිය යුතු බවත් ඉතා ඉක්මණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට හදිසි  මුල්‍ය ආධාර ලබා දිය යුතු බවත්  කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මියට පවසා ඇත.