Sun. Oct 2nd, 2022

මීටර 400 කඩුලු පැන දිවීමේ ශ්‍රී ලංකා ශූරිය වන කෞෂල්‍යා මධුෂානි, කුලියාපිටියේ පිහිටි සිය නිවසේදී ගෙල වැලලා ගෙන සිටිය දී සොයාගත් බව පොලිසිය පවසයි.

ඇයගේ අත්අකුරින් ලියූ ලිපියක් ද නිවසේ තිබී හමු වී ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරන මධුෂානි, දියගම ක්‍රීඩාංගණයේදී පෙරේදා (22) පැවැති සියවන සැමරුම් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 කඩුලු පැන දිවීමේ පළමු ස්ථානය දිනාගනිමින් දක්‍ෂතම කඩුලු පැන දිවීමේ ක්‍රීඩිකාව ලෙස ද සම්මාන දිනාගැනීම කැපී පෙනේ.

ශ්‍රී ලංකාව නියෝජන කරමින් ජාත්‍යන්තර තරගාවලි රැසකට සහභාගි වී ඇති 26 හැවිරිදි මධුෂානි ජාත්‍යන්තර පදක්කම් රැසක් ද දිනාගැනීමට සමත් වූ ක්‍රීඩිකාවකි.

ඇය සියදිවි නසාගන්නට ඇතැයි සැක කෙරේ.