Sun. Oct 2nd, 2022

අන්තර්වාර පාලනයක් වෙනුවෙන් තමන් සූදානම් බවට ජනාධිපති වරයා විසින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් වෙත ලිඛිතව දැනුම්දී ඇතැයි අස්ගිරි පාර්ශවයේ  ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කරයි .

එමෙන්ම පවතින අර්බුද වලට විසඳුම් හා මහජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට උත්සුක වන බව ද ජනාධිපතිවරයා සහතික වී ඇති බව ලේඛකාධිකාරී හිමියන් විසින් පවසයි.

වර්තමානයේ රට තුළ පවතින අර්බුද විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කරමින් පසුගියදා ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ජනාධිපති වරයාට වරයාට ලිපියක් යොමු කර තිබුණු අතර ඊට ප්‍රතිචාර දක්වා ගෝඨාභය  මහතා විසින් ඊයේ දිනයේ දී එම ලිඛිත දැනුම් දීම සිදු කර තිබේ.