Sun. Jan 29th, 2023

ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි මහතාගේ උද්ධමන දර්ශකයේ 6වෙනි ස්ථානයේ සිට 3 වෙනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

මහාචාර්ය ස්ටීව් හැන්කි මහතා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇත.

ඔහුට අනූව ශ්‍රී ලංකාවේ උද්ධමනය  17.5% සිට 119% දක්වා ඉහළ ගොස් ඇත.

ස්ටීව් හැන්කි මහතා පවසන පරිදි ශ්‍රී ලංකාව තුළ 1884 වසරේ සිට 1950 දක්වා ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩලයක් යළි ස්ථාපිත නොකළහොත් 17 වෙනි වතාවටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් සිටින ශ්‍රී ලංකාව ලබා ගන්නා මුල්‍ය ආධාර අපතේ යනු ඇත.