Sun. Oct 2nd, 2022

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව මේ මොහොත වන විට මන්ත්‍රීවරුන් 120කට ආසන්න පිරිසකගෙන් සහයෝගයක් ලැබී ඇති බව වාර්තා වේ .‍

සමගි ජන සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කර ඇත්තේ එම ගණන තවදුරටත් ඉහළ යන බවයි .

එමෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට සහයෝගය ලබා දෙන බව පවසමින් අස්සන් ලේඛනයක් සකස් කර තිබේ. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව සිදු වූවක් බව වාර්තා වෙයි.

කෙසේ නමුත් ඒ සඳහා මේ වන විට අත්සන් තබා ඇත්තේ මන්ත්‍රීවරුන් 67ක් පමණක් බව සඳහන් වෙයි.මේ අනුව පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 අතරින් 187 දෙනෙකුගේ පාර්ශවීය බව තහවුරු වී ඇත .