Sat. Oct 1st, 2022

ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 65 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ විදෙස් ගමන් තහනම් කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා , ලබන ජූනි මස 7 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් ඔහුට අද (25) සිතාසි නිකුත් කර තිබේ.

නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියන්ගේ. පෞද්ගලික පැමිණිල්ලකට අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩ නැංවීමේ අරමුණට මුවා වී එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ව කරමින් 2014 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ඇමරිකානු සී. අයි. ඒ ඔත්තු සේවයේ නියුතුව සිටි අහම්ඩ් ස්බ්‍රිරි යන අයට ගෙවා ඇති බව පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර තිබේ.