වත්මන් ආණ්ඩුවට එරෙහි විපක්ෂය ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දීමට තීරණය කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන් පවසයි.
රටේ ජනතාවගේ හා වතුකර ජනතාවගේ යහපත උදෙසා මෙම තීරණය ගත් බව ඔහු සිය ටිවිටර් ගිණුමේ පණිවිඩයක් තබමින් සඳහන් කර තිබේ.
ලංකා කම්කරු කොන්ග්‍රසයේ විධායක සභාව රැස්වූ අවස්ථාවේ මෙම තිරණය ගත් බව ඔහු සඳහන් කරයි.
ජීවන් තොණ්ඩමන් මහතා වත්මන් ආණ්ඩුවේ වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.