මැයි මාසයේදී ඉන්දියාවෙන් ලැබෙන මුදල් ද අවසන් වන අතර අලුතින් ණයක් ලැබෙන පාටක් තවම පෙනෙන්නට නැතැයි ද එසේ වුවහොත් ආර්ථික ප්රශ්නය තවත් උග්‍ර වී ව්‍යාපාර කඩ සාප්පු සියල්ලම වසා දමන තත්ත්වයකට පැමිණිය හැකි යැයි ද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
පවතින ප්‍රශ්න කල් දමන්නට හැකියාවක් නැති අතර පාර්ලිමේන්තුවට මූල්‍ය බලය ගෙන “ගෝඨා ගෝ ගම” ඇතුළු සියලු තැන්වල සිටින තරුණ තරුණියන්ගේ ද අදහස් ලබාගෙන ඉදිරි පියවර ගත යුතුව ඇතැයිද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
වර්තමානයේ පවතින තත්වය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි මේ මැතිවරණ පවත්වන්නට ද වෙලාවක් නොවන බවයි.