Mon. Oct 3rd, 2022

විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අවසර දී තිබේ.

විදුලිබල මණ්ඩලය මේ වන විට දෛනිකව ලබමින් සිටින පාඩුවත් 2014 වසරෙන් පසුව විදුලි ගාස්තු ඉහළ දමා නොතිබීමත් පිළිබඳව අවධානය යොමු කරමින් ගාස්තු ඉහළ දැමීමට අවසර ලබා දුන් බවත් එම ගාස්තු ඉහළ දැමීම කුමන දිනයේ සිට ක්‍රියාත්මක වන්නේද යන්න විදුලිබල මණ්ඩලය සහ ආණ්ඩුව තීරණය කළ යුතු බවත් මහජන උපයෝගීතා කොමිසම පවසයි.