Mon. Oct 3rd, 2022

ගෑස් මෙට්‍රික්ටොන් 3600ක් සහිත නෞකාවක්  කොළඹ වරායට අද (26) පෙරවරුවේ සේන්දු වන බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.

එම නැවේ ගෑස්  ගොඩබෑමෙන් පසුව  හෙට (27) බෙදාහැරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ගෑස් මෙට්‍රික්ටොන් 3,600ක් සහිත තවත් නෞකාවක් අනිද්දා (28) ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බවත් එම සමාගම පවසයි.

මෙම නෞකා දෙකටම මේ වනවිටත් මුදල් ගෙවා ඇති බවත් ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.