Mon. Oct 3rd, 2022

ශ්‍රී ලංකාවට සෞඛ්‍ය, කෘෂිකාර්මික සහ ගෑස් අවශ්‍යතා සපුරාලීම සඳහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් ලබාදීමට එකඟ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඉන් ඩොලර් මිලියන 400ක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත චියෝ කන්ද මහත්මිය සඳහන් කරයි.

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත චියෝ කන්ද මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පළ කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.

මේ මුදල් ආධාරය ඖෂධ හා සෞඛ්‍ය අවශ්‍යතා, සමාජ ආරක්ෂණ, කෘෂිකාර්මික හා ආහාර සුරක්ෂිතතාව සහ  ගෑස්  අවශ්‍යතා  සපුරා ගැනීම සඳහා මෙම මුදල් ලබා දෙන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.