විරෝධතාකරුවෙකුට මරු කැඳවූ රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අණ දීමට සහ ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහතා පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
කෑගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් නිශ්චය කර ඇත්තේ වෙඩි ප්‍රහාරයකින් තුවාල හා මරණය සිදුව ඇති බවයි.