ජනවාරි 01 වනදා සිට ඊයේ (07) දිනය දක්වා සංචාරකයින් දෙලක්ෂ 798 දෙනෙක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි.ඒ අනුව මෙම මාසයේ ගතවූ දින 06 තුළදී පමණක් සංචාරකයින් 21,964 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
එම කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 4,395කි.
ජනවාරි මාසයේ සංචාරකයින් 82,327 දෙනෙකු සහ පෙබරවාරි මාසයේ සංචාරකයින් 96,507 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.