Tue. Oct 4th, 2022

ග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් වුවහොත් හෝ ඉවත් කළහොත් පාරට බැස විරෝධතාවල නිරත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සඳහන් කර තිබේ.

අරලියගහ මන්දිරයේදී ඊයේ (27) අග්‍රාමාත්‍යවරයා සමඟ  පැවති හමුවේ දී ඔවුන් මේ බව සඳහන් කර ඇත.

අගමැතිවරයා ඉවත් කිරීමට එකඟ නොවන බවත් ආණ්ඩුව පවත්වාගෙන යාමට අගමැතිවරයා සිටිය යුතු වුවත් ඔවුන් අවධාරණය කර තිබේ.

මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු පළාත් පාලන ආයතන ප්‍රධානීන් 6 දෙනෙකු පමණ මේ බව ප්‍රකාශ කර තිබේ.

අගමැතිවරයා ඉවත් නොකරන්නැයි ජනාධිපතිවරයාට ලිපියක් යොමු කිරීමටද කටයුතු සූදානම් කර ඇති අතර ඊට පළාත් පාලන නියෝජිතයන් 300ක් පමණ අත්සන් කර ඇත.