Tue. Oct 4th, 2022

‘ජන මතයට හිස නමා ආණ්ඩුව ගෙදර යනු’ යන තේමාවෙන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති 1000 ක පමණ සංඛ්‍යාවක් අද (28) දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරත වෙයි.

ආණ්ඩුවට විරෝධය පාමින් මෙසේ විරෝධතාවයට එක්වන පිරිස ලක්ෂ 10 ඉක්මවනු ඇතැයි වෘත්තිය සමිති නායකයන් පවසයි.

ඔවුන් විසින් අද දිනයේ විරෝධතා පාගමනක් ද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මෙම වැඩවර්ජනයේ අරමුණ දින 7ක් තුළ ආණ්ඩුව බලයෙන් ඉවත් විය යුතු බව දැන්වීම බවත් එය නොතකා ආණ්ඩුව දිගටම බලයේ රැඳී සිටීමට උත්සාහ කලහොත් අඛන්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවද වෘත්තිය සමිති අවධාරණය කරයි.

සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය, විදුලි, තෙල්, වතු, තැපැල්, සමුර්දි, බැංකු කම්කරු ආදී සියලු ක්ෂේත්ර මෙම වැඩවර්ජනය සඳහා සහභාගි වෙයි.