Sun. Oct 2nd, 2022

විශ්වාසභංග හෝ අන්තර්වාර ආණ්ඩු සම්බන්ධයෙන්  ගෙනෙන කිසිම යෝජනාවකට  අත්සන් නොතබන  බව  පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (28)  දැනුම්දී තිබේ.

කතානායකවරයාට ලිපියක් යොමු කරමින් ඔහු මේ බව දැනුම්දී ඇත.

එසේම වත්මන් ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන අවසන් තත්පරය දක්වා රජයේ කිසිදු කටයුත්තකට සහාය නොදක්වන බවද ඔහු එම  ලිපියෙන් දන්වා තිබේ.

රට සහ ජනතාව අර්බුදයෙන් බේරා ගැනීම සඳහා පාර්ලිමේන්තුව ගත යුතු  ක්‍රියාමාර්ග 7ක්ද කුමාර  වෙල්ගම මහතා එම ලිපියෙන් යෝජනා කර ඇත.

මේ සම්බන්ධයෙන් අප කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ විශ්වාසභංග හෝ අන්තර් ආණ්ඩු පිළිබඳ යෝජනාවලට අත්සන් තැබීම පලක් නැති බව කුමාර වෙල්ගම මහතා තමාට දැනුම් දුන් බවයි.