Thu. Jan 26th, 2023

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙසට හෝ ඔහු ඉවත් කරන බවට කිසිදු දැනුම් දීමක් කර නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (28) රාත්‍රී පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

ආණ්ඩුව තුළ හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ අර්බුද ඇති කිරීමට තමාට අවශ්‍යතාවක් නැතැයි ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

රටේ ඇතිව තිබෙන අර්බුදය විසඳීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ බවත්,ඒ සඳහා සියලු දෙනාගේ සහාය ලබාගත යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

එම රැස්වීමේදී මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු අතර මත ගැටුමක් ද ඇති වී තිබෙන අතර,ඒ හේතුවෙන් රැස්වීම උණුසුම් වූ බවද දැනගන්නට ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරු වැඩි දෙනෙක් ඊට සහභාගීවූහ.