Sun. Oct 2nd, 2022

”අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඕනම අවස්ථාවක රට වෙනුවෙන් නිවැරදි තීන්දු ගත්තා. මේ වෙලාවෙත් රට වෙනුවෙන් තීන්දුවක් ගන්න සූදානම් කියන පණිවිඩය අපට දුන්නා. හැබැයි අගමැතිට මෙම තීන්දුව ගන්න යම් පිරිසක් ඉඩ දෙන්නෙ නැද්ද කියන අවිශ්වාසය අප කණ්ඩායම තුළ තියෙනවා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල පවසයි.

”කවුරුහරි එහෙම කරනවා නම් කරන්නේ වෙන මොකුත් නිසා නොවෙයි තමන්ගේ හොරමැරකම් ආරක්ෂා කරගන්න, තමන් ආරක්ෂා වෙන්න බලන කණ්ඩායමක් තමයි මෙම තීන්දුව ගන්න  දෙන්නෙ නැත්තෙ කියන හැඟීම  අපිට තියෙනවා.

මේ වෙලාව තමන් ආරක්ෂා වෙන වෙලාවක් නෙමෙයි,රට සහ රටේ ජනතාව ආරක්ෂා කළ යුතුයි,

ඒ නිසා මම ඉතා ගෞරවයෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා ජනාපතිටත් අගමැතිටත් කාලෝචිත තීන්දු තීරණ අරගෙන සියලුම පක්ෂ එකතු වෙලා  සර්ව සර්වපාක්ෂික ආණ්ඩුව හදලා රට ගොඩනගන්න ඉඩ දෙන්න කියලා.

එහෙම ඉඩ දෙන්නේ නැතිනම් අපි දස දෙනාට අනිවාර්යෙන්ම දැඩි තීන්දුවකට මේ වෙනුවෙන් ගන්න වෙනවා.

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍යතුමා සිය පදවියෙන් ඉවත් නොවුනොත් පසුපෙළ මන්ත්‍රීවරු දසදෙනාගේ කණ්ඩායම හැටියට අපටත් දැඩි තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,බණ්ඩාරගම ආසනයේ ප්‍රධාන සංවිධායක ලලිත් එල්ලාවල මහතා පැවසීය