නව අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
එම නව ආණ්ඩුවට අවශ්‍ය උපදෙස්දීම සඳහා ජාතික සභාවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා කැමැත්ත පළ කළ බව හෙතෙම ස ඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂවල නායකයන් අතර අද (29) පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාව ඇතිවූ බව ද මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ඔහු මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේ දී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.