Tue. Oct 4th, 2022

ඊයේ (08 )  පස්වරු 1.50 ට පමණ පාසල නිමවී නිවෙස බලා යමින් සිටි සිසුවියකට තියුණු පොරවකින් පහරදී මරා දමා ඇතැයි හාලිඇල පොලිසිය පවසයි.

හාලිඇල උඩුවර වත්ත පහළ කොටසේ පදිංචිව සිටි ධර්මරාජ ලිබියා නමැති 18 හැවිරිදි පාසල් සිසුවියක් මෙලෙස ඝාතනයට ලක් ඇති අතර ඇය හාලිඇල දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියක් බව අණාවරණය වී තිබේ.

උඩුවර වත්තේ පදිංචි සැකකරු ඝාතනයෙන් පසු පලාගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් 4 ක් යොදවා ඇති බවත් බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා පවසයි.

මෙම සිසුවිය පාසල නිමවී බසයෙන් ගමන් කර ඇති අතර පසුව ඇය බසයෙන් බැස උඩුවර හතේ කණුව වලස්බැද්ද මාර්ගයේ පා ගමනින් යන අතරතුර ඇගේ ආදරය ඉල්ලා සිටි තරුණයකු මෙලෙස පොරොවෙන් හිසට කීපවරක් පහරදී ඝාතනය කර ඇතැයි හෙළිවු බව පොලිසිය සඳහන් කරයි.

වසර කීපයක සිට ඝාතනයට ලක්වූ තරුණියගෙන් ආදරය අයැද සිටි සැකකාර තරුණයාහට එම සිසුවියගේ මව විරුද්ධ වීම නිසා එම මවට හා සිසුවියගේ සහෝදරයකුට ද පොරොවකින් පහරදීමක් සම්බන්ධයෙන් සමථ මණ්ඩලයේ නඩුවක් පැවැත්වෙන බව හෙළිවී ඇතැයිද පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වු සිසුවියගේ මූලික මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණය බදුල්ල වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයා විසින් සිදු කර ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා සිසුවියගේ මෘතදේහය බදුල්ල මහරෝහලට රැගෙන ගොස් තිබේ.