Sun. Oct 2nd, 2022

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  ආරක්ෂාව තහවුරු කිරීමට විවිධ පියවර ගෙන ඇතැයි  කතානායක මහින්ද යාපා  අබේවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී  අද (17) සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී  විශේෂ ප්‍රකාශයක්  කරමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පදිංචිව සිටින ස්ථානවලට අමතර ආරක්ෂාව සැලසීමට පියවර ගෙන ඇති බවත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණීමේදීත්  පිටව යෑමේදීත් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බවත් කතානායකවරයා සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස තමා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට  සහ  මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී ඇතැයි කී අබේවර්ධන මහතා  මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඒ අනුව කටයුතු කර ඇතැයිද  ප්‍රකාශ කළේ‍ය.

පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක්   පැන නැගී ඇතැයි කතානායකවරයා වැඩිදුරටත් පවසයි.