Thu. Feb 2nd, 2023

අරලියහග මන්දිරය හා   ගාලුමුවදොර අරගල කරුවන්ට පහර දීම සහ එම සිද්ධියෙන් පසු දිවයින පුරා  සිදු වු ප්‍රචණ්ඩක්‍රියා  වලට සම්බන්ධ  සැකකරුවන් 664  දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  නීතිඥ  නිහාල් තල්දූව සඳහන් කරයි.

පොලිස් ස්ථාන වලට ලැබුණු පැමිණිලි 791 ට අදාලව මෙම පිරිස අත්අඩංගුවට ගත් බවද හෙතෙම පවසයි.

මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  ඉන් 272 ක් රිමාන්ඩ් බාරයට පත් කර තිබේ.

ගත වු පැය 24 තුළ   සැකකරුවන් 258 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඉන් 43 දෙනෙකු රිමාන්ඩ් බාරයට පත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිම පැමිණිල ලැබී ඇත්තේ බස්නාහිර පළාතේන් (444)  බවත් දකුණු පළාතෙන් පැමිණිලි 118 ක් ලැබුණු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.