Sat. Jan 28th, 2023

අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව සලසන බව පැවසුව ද මෙතෙක් එම කටයුත්ත සිදු කර නැතැයි චෝදනා එල්ල කරයි.

ඉන්ධන නොමැතිව රෝහල් කාර්යය මණ්ඩලයන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවත් ඇතැම් වෛද්‍යවරුන් යතුරුපැදි හා පාපැදිවලින් සේවයට වාර්තා කර ඇතැයි ගම්පහ රෝහලේ ප්‍රකාශකයෙකු පවසයි.

ඉන්ධන පිරවුම්හල් වලට යන රජයේ සේවකයන්ට ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව නොසැලසෙන බවත් මේ හේතුව නිසා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන් පවා පාපැදි භාවිතා කරමින් සේවයට ගමන් කරන බව ද ඔහු සඳහන් කරයි. ගම්පහ ප්‍රධාන පෙළේ රෝහලක වෛද්‍ය අධිකාරිවරයකු පැවසුවේ තමන් රාජකාරියට යන අතර පැය හතර පහක කාලයක් ඉන්ධන පෝලිමේ ගත කරන්නට සිදු වී ඇති බවයි.