Sun. Oct 2nd, 2022

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ  ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ යන මහත්වරුන් පාර්ලිමේන්තු රැස්වීමට ඊයේ (17) සහභාගි නොවීම විශේෂත්වයක් විය.

රට පුරා ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් වලින් පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයෝ  විශේෂ ආරක්ෂක විධිවිධාන සහිතව ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රැඳී සිටියි.

අගමැතිවරයා සහභාගී නොවූවත් රාජපක්ෂ පවුලේ චමල් රාජපක්ෂ බැසිල් රාජපක්ෂ සහ  ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් පාර්ලිමේන්තු  සභා ගර්භයේ ඊයේ  රැඳී සිටිනු දැකගත හැකිවිය.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ සිවු වෙනි ආසනය  වෙන් කර තිබිණි.

ගාලු මුවදොර ප්‍රදේශයේ  සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්  චෝදනා එල්ලවූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද පාර්ලිමේන්තුවට  ඊයේ (17) පැමිණ තිබිණි.

නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභාවේ කටයුතු  ආරම්භයේදීම සභාවට පැමිණ ආණ්ඩු පක්ෂයේ සිය ආසනයේ ( අගමැති ආසනයේ) අසුන් ගත්තේය.

ඔහුගේ ළඟම ආසනයේ සිටින්නේ පාසල් මිත්‍රයකුවූ  අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාය.

දෙදෙනා බොහෝ අවස්ථාවලදී  ඉතා සුහදව කතා බස්  කරමින් සිටිනු දැකගත හැකිවිය.