අද සවස් වරුව වනවිට ලංකාවේ සියලුම ඉන්ධනහල් සඳහා ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
පෙට්‍රල් පිළිබඳ යම් ප්‍රශ්නයක් තිබෙන බවත් සෙනසුරාදා හෝ ඉරිදා වන විට පෙට්‍රල් ද ලබාදීමට හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා පවසයි.
අද සහ හෙට පෙට්‍රල් පෝලිමේ ඉන්නට එපා යැයි ජනතාවට දැනුම් දෙන බව ද හෙතෙම සඳහන් කරයි.