Sat. Oct 1st, 2022

ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය ඩොලර් බිලියනයක් වුවත් බිලියන 10ක් වුනත් ඒවා ගෙවන්නට ලංකාව සතුව ඩොලර් මිලියනයක් වත් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ =පාර්ලිමේන්තුවේ දී අද (18) සඳහන් කළේය

ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ කියා දෙයක් නැතැයි ද පාට පක්ෂ  භේද අතහැර සියලු දෙනාට එකතු වෙන්නැයි පුන පුනා ඉල්ලා සිටින්නේ මේ අර්බුදයෙන් රට ගොඩ ගැනීමට බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අග්‍රාමාත්‍යවරයාට  යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

එහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසූයේ ලංකා ඉතිහාසයේ පළමු වරට අප ණය ගෙවන්නට බැරි තැනට පත්ව ඇති බවයි. එන මාස 12ට ඩොලර් බිලියන පහමාරක පමණ ණයක් ගෙවන්නට සිදුවෙන බවත් ණය නොගෙවන පසුබිම යටතේ අපට එකවර කොපමණ මුදලක් ගෙවන්නට සිදු වනවා දැයි පැහැදිලි කරන ලෙසත් හර්ෂ ද සිල්වා මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.