Fri. Jan 27th, 2023

සමගි ජන බලවේගයේ අය ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නම් තරාතිරම නොබලා ඔවුන්ට විරුද්ධව පරීක්ෂණ කර නිසි පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පාර්ලිමේන්තුවේ දී අද (18) පැවසීය.

නිවාස අහිමි වූ මන්ත්‍රීවරුන්ට වන්දි දෙන්නට පෙර  ගෑස් ටැංකි පිපිරීමෙන් සහ වගා හානියට පත්වූ පත් වූ ගොවීන් සඳහා වන්දි ලබා දෙන්නේ නැද්දැයි විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

පසුගියදා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිද්ධි පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.