Mon. Jan 23rd, 2023

ජලය බෙදාහැරීමේ පද්ධතියේ අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ නගර සභා බල ප්‍රදේශයේ කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවල මේ මස 21 වැනිදා (සෙනසුරාදා) රාත්‍රී 10.00 සිට පසුදින පෙරවරු 8.00 දක්වා පැය 10 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

මෙම නවීකරණ කටයුත්ත නිසා කොළඹ 1 සහ කොළඹ 11 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම ලැබෙන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩි දුරටත් පවසයි.