Tue. Oct 4th, 2022

තිරිඟු පිටි මිල රුපියල් 35 කින් ඉහළ යෑම හේතුවෙන් ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසයි.

මෙම මිල ඉහළ දැමීම අද (19) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව ද ජයවර්ධන මහතා කීය.