Tue. Oct 4th, 2022

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් ඇති ඉන්ධන හිගය මගහරවා ගැනීම සඳහා ඩීසල් ලබා දීමේ යෝජනාවක් චීනය විසින් ඉදිරිපත් කර ඇතත් ශ්‍රී ලංකාව තවමත් ඊට ප්‍රතිචාර දක්වා නැතැයි වාර්තා වෙයි.

චීනය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ හදිසි ආධාර ලෙස ලබාදීමට වුවද ශ්‍රී ලංකාව මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර නැතැයි ද ඩේලි මිරර් පුවත්පත සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව මේ වන විට දැවැන්ත අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර ඩීසල් සංචිත යම් ප්‍රමාණයකට ඇති නමුත් පෙට්ට්‍රල් තොග අවසාන වී ඇත. මේ හේතුවෙන්  බලශක්ති අමාත්‍යවරයා ජනතාවට දැනුම් දී ඇත්තේ පෙට‍්‍රල් සපයන්නේ සීමිතව බැවින් පිරවුම්හල්වල පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි.