Thu. Feb 2nd, 2023

ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන පෙට‍්‍රල් නෞකාවකින් පෙට්ටල් ගොඩබෑමක් ආරම්භ කර ඇති අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මේ බව තහවුරු කර තිබේ.

මේ අතර බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  ජනතාවගෙන් අද දිනයේ පෝලිමේ නොසිටින ලෙස ඉල්ලීමක් කරමින් කියා සිටියේ අද දිනයේ දී පෝලිම්වල සිටියද කිසිදු ආකාරයෙන් පෙට්‍රල් ලබාදීමට අවස්ථාවක් නැති බවයි.

දැනට පෙට‍්‍රල් ගොඩබාන නෞකාවේ ඉන්ධන ගොඩබෑම අවසාන වන්නේ අද රාත්‍රී බවත් එය පිරවුම්හල්වල ලබාදීමේදී තවත් දවස් දෙකක් පමණ යන බවත් ඔහු සඳහන් කරයි.