Sun. Oct 2nd, 2022

ඩීසල් හිඟය අවසන් කිරීම සඳහා දිනකට මෙටි‍්‍රක් ටොන් 8000 බැගින් ඞීසල් නිකුත් කිරීමට තෙල් සංස්ථාව කටයුතු කරන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. ඞී. ආර්. ඔල්ගා මහත්මිය පවසයි.

තෙල් සංස්ථාව සතුව පෙට‍්‍රල් තොග පිළිබඳ ගැටලුවක් නොමැති බවත්, ඞීසල් හිඟය ද අවසන් කිරීම සඳහා ඩීසල් තොග සංස්ථාවට ලැබී තිබෙන බවත් ඇය සඳහන් කරයි.

අද (09 ) දිනය තුළ තවත් ඩීසල් නැවක් පැමිණෙන බවත් දැනට පැමිණ තිබෙන ඩීසල් නැවේ ඉන්ධන ගොඩ බෑම ඊයේ(08) මුදල් ගෙවීමෙන් පසු සිදු කිරීමට සූදානමක් තිබෙන බවත් ලේකම්වරිය පවසයි.

ඉන්දීය තෙල් සමාගම විසින් ලබාදෙන පෙට‍්‍රල් නැවක් මාර්තු 15,16 වනවිට ද තවත් ඩීසල් නැවක් මාර්තු 20-21 වනවිට ද පැමිණීමට නියමිත බවත් පැවසූ ඇය දෛනික ඩීසල් බෙදා හැරීම මෙටි‍්‍රක් ටොන් 5000ක් වුවද පවතින ඉල්ලුම නිසා එම ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 8000ක් දක්වා වැඩිකර ඇතැයි කියා සඳහන් කරයි.