Sun. Oct 2nd, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධූරවලින් ඉවත් වී කතානායක මහින්ද යාපා අබෙවර්ධන මහතා රටේ පාලනය භාරගත යුතු බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණ කළ යුතු බවත් රටේ පාලනය තීරණය කර ගැනීමේ බලය ජනතාවට ලබා දී ඇති බවත්ය.

හිරු රූපවාහිනී නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන තිබේ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ගාළු මුවදොර පැවැත්වෙන විරෝධතාවයේද ප‍්‍රධාන නායකත්ව කටයුත්තක යෙදී සිටී.