Sun. Oct 2nd, 2022

ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ සාමකාමී අරගලයට පහරදීමේ සිද්ධියෙන් පසු ඇති වූ ප්‍රචන්ඩකාරි සිදුවීමෙන් විනාශයට පත් වාහන සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු වාර්තා කර තිබේ.

එලෙස විනාශයට පත් වාහන සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ කුරුඳුවත්ත, නාරාහේන්පිට, මුල්ලේරියාව, බම්බලපිටිය, පෑලියගොඩ, කිරුළපන යන පොලිස් ස්ථාන මගිනි.

විනාශයට පත්වූ වාහන අතර බස් රථ 17ක්, ජීප් රථ 02ක්, මෝටර් රථ 2ක්, වෑන් රථයක්, ගිලන්රථයක් ත්‍රිරෝද රථ දෙකක් වශයෙන් නඩු 25ක් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත ගමන් ගත් වාහනයට ද අනර්ථයක් සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ රියැදුරා කුරුදුවත්ත පොලිසියට අද (24) පැමිණීල්ල ද ඉදිරිපත් කර ඇතැයි පොලීසිය පවසයි.